ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි. දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම ඔහු දුටුවේ ඈතින් ගායක සුනිල් එදිරිසිංහ එන බවයි. ‘සරල ගී’ වැඩසටහනකට ගීයක් ලියන්නැයි සුනිල් කියා තිබූ බව ප්‍රේම්ට මතක් වූයේ එවිටය. සුනිල් මේ එන්නේ එය රැගෙන යන්නට බව දන්නා ප්‍රේම් පිළිතුරක් ලෑස්ති කර ගත්තේය. මුව පුරා සිනාසී තමා ළඟට ආ සුනිල්ව පිළිගත් ඔහු ‘සින්දුව ගෙනියන්න නේද ආවේ?’ කියා ඇසීය. සුනිල් හිස සැලීය. ‘සින්දුව හරි. ඒක තියෙන්නෙ සංස්ථාව ඇතුළෙ මගෙ ලොකර් එකේ. දැන් මම ඒක උඹට දෙන්න ගියොත් මුන් ටික මේ බෝතලේ බිල ඉවර කරනවා. උඹට තව තියෙන ගමනක් ගිහින් පැය බාගෙකින් විතර එන්න බැරිද? එතකොට මම ඇතුළට ගිහින් සිංදු කොළේ අරන් දෙන්නම්...” ප්‍රේම් කීය. ඔහු එසේ කී විට සුනිල්ට ඊට විරුද්ධවීමට බැරි නිසා ‘එහෙනං මම පැය බාගෙකි...
Comments
Post a Comment